Monday 2nd of February 2026

English Tamil
Advertiesment


අධ්‍යාපනය අසභ්‍යකරණය කළ රජය අද වන විට ගුරු සංවර්ධන නිලධාරීන් පවා රවටා අවසන් - විපක්ෂ නායක


2026-02-01 1237

 

සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ මෙන්ම පක්ෂ භේදයෙන් තොරව උපරිම සහයෝගය ගුරු සංවර්ධන නිලධාරින්ට ලබා දෙන බවත් ඊයේ දින මේ අවස්ථාවේ මෙතැනට පැමිණි පසු ඇත්ත තත්ත්වය ඉදිරිපත් නොකර සත්‍ය විකෘති කරන දේශපාලන වහලුන් බොරුව සමාජගත කරමින් යන බවත් අප රටේ දසදහස් ගණනක ගුරු හිගයක් පැවැති අවස්ථාවේ රජයේ ඉල්ලීම මත වසර 5, 6, 7, 8 සහ 10 වශයෙන් මේ සංවර්ධන නිලධාරීන් නිදහස් අධ්‍යාපන පද්ධතියේ ගුරුවරුන් ලෙස ඉගැන්වීම් කටයුතු සිදු කර රජයේ වැටුප් පවා ලබා ඇති බවත් මේ තරම් කාලයක් දරුවන්ට ඉගැන්වූ ගුරු සංවර්ධන නිලධාරීන්ට ගුරු සේවයට ඇතුළත් වීමට අයිතියක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කොරෝනා කෝවිඩ් සමයේ මාර්ගගත අධ්‍යාපන ක්‍රියාත්මක කරන විට වහල උඩ නැග දරුවන් ඉගෙන ගන්නා අවස්ථාවේ පවා මේ අය දරුවන් වෙනුවෙන් ඉගැන්වීම සිදු කළත් අද මේ අයට ගුරු සේවයට ඇතුළත් වීමට තහංචි දමා ඇති බවත් මේ අය වෙනුවෙන් පැහැදිලි විසදුමක් ඇතිමුත් රජය පොරොන්දු වූ දේ ඉටු නොකර මේ ප්‍රශ්නයෙන් පැන යමින් සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන මඩගසමින් බොරුව සමාජගත කරමින් යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ උපවාසයේ යෙදී සිටින ගුරු සංවර්ධන නිලධාරීන් හමුවීමට ගිය අවස්ථාවේදීය.

රජයේ මන්ත්‍රීවරුයකු කියන ආකාරයට මාරාන්තික උපවාස කිසිදින සාර්ථක වී නොමැති බවත් එවැනි මරණයක් සිදු වූයේ කොටි සංවිධානයෙන් නිසා මෙවැනි මරණවලට රජය වගනොකියන බවට පවසන බවත් මේ අය අද මාරාන්තික උපවාසයක් සිදු කරන්නේ මේ අය රවටපු නිසා බවත් වත්මන් රජය වේදිකාවක් වේදිකාවක් පාසා රටේ ජනතාව රැවටූ බවත් මැතිවරණ 3ක් දිනා ගෙන දැන් ගුරු සංවර්ධන නිලධාරීන් අමතක කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මොවුන් නිදහස් අධ්‍යාපනයේ උපාධිධාරීන් බවත් අද මොවුන් මහපාරට වැටී ඇති බවත් මේ අය මහා ප්‍රේඩාකාරී දේශපාලනයක් ක්‍රියාත්මක කර රවටා ඇති බවත් ජනාධිපතිවරයා අගමැතිවරිය මැති ඇමතිවරු ආදී ගුරු සංවර්ධන නිලධාරින්ට පොරොන්දු දුන් අය අද සොයා ගැනීමට නොහැකි බවත් අද අධ්‍යාපනයත් සංස්කෘතියත් ආගම දහමත් විනාශ වී නිරාගමික රටක් නිර්මාණය කරන්න යන ගමන තුළ සෑම දෙයක්ම විනාශ කරමින් මේ රජය අධ්‍යාපනය පවා අසභ්‍යකරණය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය රටේ නීති කඩ කරමින් අගරු චෙක්පත් ආපදාවෙන් විපතට පත් ජනතාවට ලබා දෙයි

සංවර්ධන නිලධාරින් ලෙස ගුරු සේවයේ සිදු කළ විශිෂ්ට ක්‍රියාවලියට නිසි ඇගයීමක් නොමැති වුවත් වත්මන් රජය රටේ අනුමත කර ගෙන ඇති නීති රීති පවා කඩ කරමින් යන බවත් 2025 නීතියක් හරහා අගරු චෙක්පත් නිකුත් කළ නොහැකි බවට නීතියක් ගෙන ආවත් වත්මන් රජය දිට්වා සුළු කුණාටුවෙන් විපතට පත් අයට සහන දෙනවා කියා දුන් චෙක්පත් සියල්ල අගරු වී ඇති බවත් මොවුන් ද රටේ නීතිය කඩකර ඇති බවත් මේ චෙක්පත් දෙන එකත් තවත් ජවනිකාවක් වී ඇති බවත් මේ රජය ගුරුවන්ට ආගමික නායකයන්ට පවා සිදු කරන්නේ බොරුව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
 

Advertiesment